Back to Top

 වැල්ලම්පිටියේ විදෙස් දුම්වැටි තොගයේ සුලමුල හෙළිවෙයි

වැල්ලම්පිටියේ විදෙස් දුම්වැටි තොගයේ සුලමුල හෙළිවෙයි

August 18, 2017  12:03 pm

Bookmark and Share
තීරුබදු නොගෙවා මෙරටට රහසිගත අයුරින් දුම්වැටි ගෙන්වා අලෙවිකරන ජාවාරමක සුලමුල පිළිබඳව උකුස්සා රට හමුවේ තොරතුරු අනාවරණ කළේය.

වැල්ලම්පිටිය ප්‍රදේශයේදී උපාය දූතයකු මාර්ගයෙන් අතුඅඩංගුවට ගත් සැකකරුවුකගෙන් නීතිවිරෝධී දුම්වැටි ජාවාරම ගැන තොරතුරු හෙළි කර ගැණුනු අතර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් අනතුරුව ප්‍රධාන ජාවාරම්කරු පිළිබඳව තොරතරු අනාවරණ කරගැනීමට සමත් විය.

ඒ අදාළ පුද්ගලයා ලවා ප්‍රධාන ජාවාරම්කරු දුරකථනය ඔස්සේ සම්බන්ධකරගැනීමෙනි.

දුරකථන මාර්ගයෙන් මෙහි ප්‍රධාන ජාවාරම්කරුට ලබා දුන් ඇනවුමට අනුව ඔහු දුම්වැටි රැගෙන ඒමේදී වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලට අනුව වැල්ලම්පිටිය ප්‍රදේශයේ ජාවාරම්කරුගේ නිවසේ කාමරයක් තුළ සඟවා තිබූ තවත් දුම්වැටි තොගයක් සොයාගනු ලැබීය.

අනතුරුව ජාවාරම්කරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔහු ලබාදුන්නේ එකිනෙකට පරස්පර පිළිතුරු බව අනාවරණය විය.

අවසානයේ අත්අඩංගුවට ගනු ලැබූ ජාවාරම්කරුවන් තිදෙනා සහ දුම්වැටිතොගය වැල්ලම්පිටිය පොලීසියට බාරදෙනු ලැබීය.

ඒ පිළිබඳවත් අද දෙරණ උකුස්සා නිරන්තර සීරුවෙන්.