වයඹ සරසවියට අනුබද්ධ වෛද්‍ය පීඨයක් ඇති කිරීමට තීන්දුවක්
August 17, 2017 11:10 am
වයඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඒ සඳහා රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති අතර ඉදිරියේදී සබරගමුව සහ මොරටුව විශ්වවිද්‍යාලවලට අනුබද්ධව ද වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට නියමිත බව අමාත්‍යවරයා කියා සිටියේය.
මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වා ඇති අතර ඒ සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මෝහාන් ද සිල්වා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජිත සේනාරත්න අමාත්‍ය වරයා ප්‍ර කාශ කර ඇත්තේ වයඹ පළාත් සභාව යටතේ පවතින කුලියාපිටිය මූලික රෝහල ඉදිරියේදී රජයට පවරා ගැනීමට පියවර ගන්නා බවයි.
ඉන් අනතුරුව එම රෝහල ශික්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.