GMOAවෙන් නව යෝජනාවලියක්

GMOAවෙන් නව යෝජනාවලියක්

August 17, 2017   08:40 am


සයිටම් ආයතනය අහෝසි කිරීම සඳහා රජයේ වෛද්‍ය  නිළධාරීන්ගේ සංගමය දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන එක්ව නව යෝජනාවලියක් සකස් කර තිබේ.

ඒ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට සැළසුම් කර ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

ඊයේ(16) පස්වරුවේ පැවති මාධ්‍ය  හමුවකට එක්වෙමින් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙම අදහස් පළ කළේය.

එම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ද එම මාධ්‍ය හමුවේදී අදහස් පළ කර සිටියේය.