සහල්වල පාලන මිල ඉවතට

සහල්වල පාලන මිල ඉවතට

August 17, 2017   08:18 am

සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ(16) දිනයේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් ගනු ලැබූ තීරණයකට අනුව සහල්වල පාලන මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

ආනයනික සහ දේශීය සහල් සඳහා අගෝස්තු මස 04වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පාලන මිල පනවා තිබුණි.

ඉදිරියේදී දේශීය වී ඇස්වැන්න වෙළෙඳපොලට පැමිණීම කෙරෙහි අවධානය යොමු කරමින් සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට ජීවන් වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව තීරණය කර ඇත.