තීන්දුවේ කිසිදු වෙනසක් නෑ

තීන්දුවේ කිසිදු වෙනසක් නෑ

August 17, 2017   07:43 am

පොලිතීන් සහ ප්ලාස්ටික් තහනම පිළිබඳ රජය ගත් ප්‍රතිපත්තිමය තීන්දුවේ කිසිදු වෙනසක් නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රජය ගත් ප්‍රතිපත්තිමය තීන්දුව විදිමත්ව සහ කඩිනමින් ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය පසුබිම සැකසීමේ වගකීම පරිසර අධිකාරියට පැවරෙන බවයි.

ඇස්බැස්ටෝස් සහ දුම්කොළ තහනම සඳහා රජය ක්‍රියා කරන අන්දමින් පරිසරයේ පැවැත්ම සඳහා දැඩි අභියෝගයක් වූ පොලිතීන් පිලිබඳව ද තීන්දු තීරණවලට එළඹෙන බව ජනාධිපතිවරයා පවසයි.
 
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ(16) පස්වරුවේ පැවති මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ  ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කර තිබේ.