මැද මාවතේ යන සීඝ‍්‍රගාමී බස්

මැද මාවතේ යන සීඝ‍්‍රගාමී බස්

August 16, 2017   09:43 pm

මාර්ගයේ මැද තීරුව භාවිත කරමින් සීඝ‍්‍රගාමී බස් සේවාවක් ඇති කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අද(16) පැවති බස් ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රියාත්මක කිරීමේ ප‍්‍රගතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මංතීරු ක‍්‍රමය ක‍්‍රමය ක‍්‍රියාත්මක වීමෙන් මාර්ගයන් හි රියදුරන් තුළ විනයක් සහ හික්මීමක් ඇතිවූ බවත්, පොදු ප‍්‍රවාහනය භාවිත කරන සාමාන්‍ය ජනතාවට මෙන්ම වැඩකරන ජනතාවට මෙමගින් පහසුවක් ලැබුණු බවත් එසේම පෞද්ගලික වාහන භාවිත කරන්නන්ටද මාර්ග විනය විධිමත් වීම නිසා තමන්ගේ රථ වාහන පහසුවෙන් ධාවනය කිරීමට හැකි වු බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

විධිමත් සීග‍්‍රගාමී බස් සේවයක් රජයට යෝජනා කර ඇති අතර, එය මාර්ගය මැද තීරුව භාවිත කරමින් ධාවනය වන බවත්, එය ඉදිරි කාලයේදී කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බව ද කියා සිටි අමාත්‍යවරයා ඒ සඳහා මාර්ගවල ව්‍යුහාත්මක වෙනසක් මෙන්ම විශාල මුදලක් වැය වන බැවින් මාර්ග සංවර්ධන අධිකාරිය සමග එක් වී ඉදිරියේදී කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බව ද පැවසීය.