මීතොටමුල්ලේ නිවාස අහිමිවුවන්ගේ කුලී දීමනාවට අනුමැතිය

මීතොටමුල්ලේ නිවාස අහිමිවුවන්ගේ කුලී දීමනාවට අනුමැතිය

August 16, 2017   05:28 pm

කොලොන්නාව, මීතොටමුල්ල කසළ කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූ ජනතාව සඳහා මෙම මාසයේ රුපියල් 50,000 ක කුලී දීමනාව ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.

මීතොටමුල්ල කසළ කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූ සහ පදිංචි නිවාස අධි අවදානම් තත්ත්වයේ පැවති අදාළ පවුල් නිවාසවලින් ඉවත් කළ අතර ඉන් පවුල් 91 ක් සඳහා මේ වන විට විකල්ප නිවාස ලබා දී තිබේ.

තවත් පවුල් 60ක් විකල්ප නිවාස ලබා ගැනීම සඳහා කැමැත්ත පළ කර ඇති බව වාර්තා වෙයි.