පොලිස් මුලස්ථානයේ වීඩියෝව ගැන කරුණු දක්වයි

පොලිස් මුලස්ථානයේ වීඩියෝව ගැන කරුණු දක්වයි

August 16, 2017   05:21 pm

පොලිස් මුලස්ථානයේ දී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා හා තවත් පුද්ගලයෙකු අතර ඇති වු යම් සිදුවීමක දර්ශන පෙළක් පසුගිය දා අන්තර් ජාලය තුළින් මුදා හැර තිබිණි.

අද(16) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ මාධ්‍යවේදීන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතාගෙන් විමසා සිටියේය.

කෙසේ වෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් පවත්වා ඇති බවත් ඊට අදාළ ඉදිරි වැඩ කටයුතු සිවිල් නීතිය යටතේ සිදු කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරයන් බොහෝමයක් පළ වී ඇති බව ද ඔහු මෙහිදි සඳහන් කළේය.