නීතිපතිට නියෝග දෙන්න අගමැතිට අයිතියක් නෑ
August 16, 2017 04:25 pm
නීතිපතිවරයාගේ කටයුතු සඳහා නියෝග ලබා දීමට අගමැතිවරයාට කිසිදු අයිතියක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්.පීරිස් මහතා පවසයි.
අද(16) පැවති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
දූෂණය අද වෙන විට ආණ්ඩුව වෙලා ගෙන ඇති බවත් එනිසාම නීතිපතිවරයා ආණ්ඩුවේ ඉලක්කයක් බවට පත්ව ඇති බව ද ඔහු මෙහිදී කියා සිටියේය.
අගමැතිවරයා යම් යම් තීරණ ගැනීමට නීතිපතිවරයාට බලපෑම් එල්ල කරන අතර අද වන විට එම දෙපාර්තමේන්තුවේ පවුල්වල සමාජිකයින්ට පවා තර්ජනයන් එල්ල වී ඇති බව ද ජි.එල්.පීරිස් මහතා සඳහන් කළේය.
මේ වන විට මහින්ද රාජපක්ෂ මහතාට හා පවුලේ සමාජිකයින්ට විරුද්ධව විශේෂ අධිකරණයක් ඇති කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කරමින් සිටින අතර පුදුමයට කරුණ වන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අයත් මෙයට පක්ෂ වීම බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
මේ අතර මෙම මාධ්‍ය හමුවට එක් වු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ, දේශීය ආදායම් පනත ලබන සතියේ පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට ආණ්ඩුව උත්සහ කරන බවයි.
මහින්ද රාජපක්ෂ මහතා ලබා දුන් සහන කිසිවක් එම පනත තුළ නොමැති බවත් පනත ක්‍රියාත්මක වෙන තුරු එහි බලපෑම ජනතාවට නොතේරෙන බවත් බවත් කියා සිටි ගුණවර්ධන මහතා වැඩි දුරටත් ඉල්ලීමක් කරමින් කියා සිටියේ, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් පක්ෂයේ සියලු දෙනා රට වෙනුවෙන් පෙනීසිටී නම් මෙම පනතට විරුද්ධව ජන්දය ලබා දෙන ලෙසයි.
එසේ නොමැති නම් ජනතාවට ද්‍රෝහී වුවා යැයි මන්ත්‍රිවරුන්ට සිතෙනු ඇතැයි ද ඔහු පැවසීය.