බැඳුම්කර වංචාව ගැන ශ්‍රීලනිපය වගකීම බාරගත යුතු නෑ

බැඳුම්කර වංචාව ගැන ශ්‍රීලනිපය වගකීම බාරගත යුතු නෑ

August 14, 2017   10:48 am



 
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය එහි වගකීම බාරගත යුතු නොවන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය  මහතා පවසයි.

මහනුවර, යටිනුවර ප්‍රදේශයේ පැවති  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජන හමුවකට  එක්වෙමින් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා සඳහන් කළේ කෙටි කාලයක් තුළ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ රජයක් ස්ථාපිත කරන බවයි.

මේ අතර පළාත් පාලන මැතිවරණය කල්දැමීමට තමන්ට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා  මෙම අදහස් පළ කළේය.