අනතුරින් කත අවසන් ගමන් යයි
August 13, 2017 04:46 pm
යතුරු පැදියක ගැටීමෙන් තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ කාන්තාවක මිය ගොස් ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ ලුණුවිල - ශාන්ත ආනා පුර පදිංචිව සිටි එදිරිමාන්න ආරච්චිලාගේ චන්ද්‍රාවතී (අවු:66) නම් වූ කාන්තාවකි.
පසුගිය 11 වැනිදා පෙරවරු 8.00 ට පමණ වෙන්නප්පුව - ලුණුවිල ප්‍රාදේශීය රෝහල ආසන්නයේදී මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් තුවාල ලබා සිටි කාන්තාව එම අවස්ථාවේදීම ලුණුවිල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මාරවිල මූලික රෝහලට මාරු කර යවා ඇති බව සඳහන්ය.
ඇයගේ තත්ත්වය බරපතළ බැවින් කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමට මාරවිල මූලික රෝහලේ වෛද්‍යයවරුන් කටයුතු කර ඇත.
ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර තුර ඇය මිය ගොස් ඇති අතර අනතුරට සම්බන්ධ යතුරු පැදිය පැදවූ බව කියන 25 හැවිරිදි තරුණයෙකුව වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු වෙන්නප්පුව - කිරිමැටියාන පදිංචිකරුවෙකි.
වෙන්නප්පුව පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.