වියළි කාලගුණයෙන් ලක්ෂ 12ක් පීඩාවට

වියළි කාලගුණයෙන් ලක්ෂ 12ක් පීඩාවට

August 13, 2017   07:28 am



දිවයිනට බලපා ඇති  වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 12ට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ අමාත්‍යංශය පවසයි.

වියළි කාලගුණික තත්ත්වයෙන් කුරුණෑගල, අනුරාධපුර සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්කවලට දැඩි බලපෑම් එල්ල වී තිබේ. 

ඊට අමතරව ත්‍රිකුණාමලය, මඩකළපුව, අම්පාර, හම්බන්තොට සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට ද වියළි කාලගුණික තත්ත්වයෙන් බලපෑම් එල්ල වී ඇති බව එම අමාත්‍යංශය සඳහන් කළේය.