නින්දා අපහාස හමුවේ අභියෝගය ජය ගන්නවා

නින්දා අපහාස හමුවේ අභියෝගය ජය ගන්නවා

August 12, 2017   08:51 pm



කුමන නින්දා අපහාස සහ චෝදනා හමුවේ  වුවද පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ වංචාව, හොරකම සහ දුෂණය ගළාගිය මේ රටේ දේශපාලන සංස්කෘතිය එකවර වෙනස් කළ නොහැකි නමුත් අවංකව කටයුතු කරන සහ රටට ආදරය කරන දේශපාලනඥයින් පිරිසක් බිහි කිරීමේ දුෂ්කර කටයුත්තට වත්මන් රජය උරදී සිටින බවයි.

මහවැලි එච් කලාපයේ ගොවි ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

විවේචන සහ චෝදනා කොතරම් එල්ල වූවද  කිසිඳු රජයක් ඉටු නොකළ වැඩ කොටසක් වත්මන් රජය ඉතා කෙටි කාලයක් තුළ රටත් ජනතාවත් වෙනුවෙන් ඉටු කර ඇති බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය  අංශය සඳහන් කළේය.

රජය ප්‍රමුඛතාව ලබාදී ඇත්තේ ගොවි ජනතාවගේ ආර්ථිකය සවිමත් කර ඒ තුළින් ජාතික ආර්ථිකය ගොඩනැගීම බව ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.