මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 6ක් මාට්ටු

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 6ක් මාට්ටු

August 12, 2017   04:24 pm



හැටන් බස්නැවතුම්පලේ වෙළෙඳසැලක් තුළ තිබී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් 06  දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හැටන් පොලීසියේ කොට්ඨාස මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.

එහිදී මාවා නැමැති මත්ද්‍රව්‍ය තොගයක් සහ නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද එන්සි නැමැති මත්කුඩු ටින් තොගයක් ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

පොලීසිය බාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම  මෙකෙන් තක්සේරු කර නොමැති බව සඳහන්ය.

 සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.