පොලීසියේ 12ට ස්ථාන මාරු

පොලීසියේ 12ට ස්ථාන මාරු

August 12, 2017   02:45 pm



වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ඇතුළු පොලිස් නිලධාරීන් 12 දෙනෙකු ස්ථාන මාරු කර තිබේ.

පොලිස්පතිවරයාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරුවීම් සිදු කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සිව් දෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරුන් 08 දෙනෙකු මෙලෙස ස්ථාන මාරුකර තිබේ.

ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් වන ටී.එන් පද්මනාත, එම්.යූ.බී සුජිව කුමාර, ආර්.කේ තිරුනවුකරසු සහ එම්.එස් කුමාරසේන යන මහත්වරුන් ස්ථාන මාරුකර ඇති බව වාර්තා වෙයි.

මීට අමතරව පොලිස් පරීක්ෂකවරුන් වන  ඒ.ජේ අමරවංශ, වයි.එච්,එන්, එස් ප්‍රේමතිලක, අර්.එම්.ටී.පී රත්නායක, එස්.පී.සී.එස්.කේ. සෙනරත්, කේ.එම් කරුණාතිස්ස, කේ.ජි.අයි.යූ.කේ සෝමනුවර, එච්.එම්.ඒ.කේ. හේරත් සහ එච්.ජී.එස්.පී.කේ චන්ද්‍රසිරි යන මහත්වරුන් ස්ථාන මාරු කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.