අනතුරින් කත අවසන් ගමන් යයි

අනතුරින් කත අවසන් ගමන් යයි

August 12, 2017   01:42 pm



වෙන්නප්පුව, ලුනුවිල රෝහල අසළදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක මියගොස් තිබේ.

යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

 අනතුරින් බරපතළ තුවාල ලැබූ  මාර්ගය  හරහා ගමන් කළ කාන්තාව ලුණුවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

 මියගොස් ඇත්තේ ලුණුවිල, සාන්තආනාපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි කාන්තාවකි.

අනතුර සම්බන්ධයෙන් යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වෙන්නප්පුව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.