උතුරු පළාත් සභාවේ අමාත්‍යධූර බෙදා දෙන්න තීන්දුයි!

උතුරු පළාත් සභාවේ අමාත්‍යධූර බෙදා දෙන්න තීන්දුයි!

August 12, 2017   11:30 am



උතුරු පළාත් සභාවේ අමාත්‍යධූර ඊ.පී.ආර්.එල්.එෆ්, ප්ලොට් සහ ටෙලෝ පක්ෂ අතර  බෙදාදීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඉදිරියේදී මීට අදාළ කටයුතු සිදු වනු ඇති බව උතුරු පළාත් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පී. සත්‍යලිංගම් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පළාත් සභාවේ අමාත්‍යධූර ලබා නොගැනීමට තීරණය කළේය.

 විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා සහ මාවෙයි සේනාධිරාජා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණයට එළඹ තිබේ.

මේ වන විට උතුරු පළාත් සභාවේ අමාත්‍යධූර දරණ අමාත්‍යවරුන්ගේ එම ධූර වෙනස් වනු ඇති බව උතුරු පළාත් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.