බස්නාහිර ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අඩුවෙලා

බස්නාහිර ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අඩුවෙලා

August 12, 2017   11:16 am




නවතම සමීක්ෂණ වාර්තාවලට අනුව බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 50කින් අඩු වී ඇති බව  කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති නජිත් සුමනසේන මහතා සඳහන් කළේ මදුරු කීට ඝණත්වය ද මේ වන විට පිටෝ දර්ශකයේ 10ක් දක්වා අඩුව ඇති බවයි.

කෙසේවෙතත් නියඟය පවතින ප්‍රදේශවලට මේ වන විට පතිතවන වර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශවල මදුරු ඝණත්වය ඉහළ යා හැකි බව ද නජිත් සුමනසේන මහතා සඳහන් කළේය.