Back to Top

Ad

 හෙට දකින රනිල් ප්‍රදර්ශනය 17 දා

හෙට දකින රනිල් ප්‍රදර්ශනය 17 දා

August 12, 2017  10:39 am

Bookmark and Share



අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දශක හතරක දේශපාලන ගමන්මගේ සුවිශේෂ අවස්ථා ආවරණය කළ "හෙට දකින රනිල්" ප්‍රදර්ශනය 2017 අගෝස්තු මස 17 වන බ්‍රහස්පතින්දා සවස 3.30 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ වෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය ආරම්භ වේ.

මෙම ප්‍රදර්ශනය අගෝස්තු 18 වන දින සිට 20 වන දින දක්වා පුරා තෙදිනක් පෙ.ව. 10.00 සිට ප.ව. 8.00 දක්වා ජනතාව වෙනුවෙන් විවෘතව තැබීමට නියමිතය.

1977 වසරේ එවකට ළාබාලතම මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට පිවිසුණු රනිල් වික්‍රමසිංහ මහතා ලාංකේය දේශපාලනයේ තීරණාත්මක භූමිකාවක් හෙබ වූ අතර, ස්වකීය දශක හතරක අභියෝගාත්මක දේශපාලන ගමන තුළ එතුමා විසින් සිදුකළ ජාතික මෙහෙවර ඇගයීම මෙම ප්‍රදර්ශනයේ ප්‍රමුඛ අරමුණ වේ.

ලාංකේය දේශපාලන අවකාශයේ පරිණත දේශපාලන නායකත්වයක රුව ගුණ විදහා දැක්වෙන සේ ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය උදෙසා අග්‍රාමාත්‍යවරයාගේ සුවිශේෂ මැදිහත්වීම ඉස්මතු  කරමින් "හෙට දකින රනිල්" ප්‍රදර්ශනය සංවිධානය කිරීමට එහි සංවිධායක මණ්ඩලය කටයුතු කර ඇත.