බලංගොඩ පතලක් කඩාවැටී 1ක් මරුට

බලංගොඩ පතලක් කඩාවැටී 1ක් මරුට

August 12, 2017   10:34 am





බලංගොඩ ප්‍රදේශයේ පතලක  සේවය කළ පුද්ගලයෙකුගේ ඇග මතට පස් කන්දක් කඩා වැටී එම පස් කන්දට යටවීමෙන් ඔහු මියගොස් තිබේ.

පස් කන්දයට යටවීමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලීසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ බලංගොඩ, පිටියතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි පුද්ගලයෙකි.

පශ්චාත් මරණ පරීක්ෂණය අද (12) සිදු කිරීමට නියමිත අතර බලංගොඩ පොලීසිය මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදු කරයි.