Back to Top

 ඊජිප්තුවේ දුම්රිය අනතුරකින් 41ක් මරුට

ඊජිප්තුවේ දුම්රිය අනතුරකින් 41ක් මරුට

August 12, 2017  10:31 am

Bookmark and Share



ඊජිප්තුවේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තවත් 120 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රා ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්ය.

මඟී දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

එක් දුම්රියක් ඊජිප්තුවේ කයිරෝ නුවර සිට ගමන් ආරම්භ කර තිබූ අතර අනෙක් දුම්රිය පෝර්ට්සේඩ් හි සිට ගමන් ආරම්භ කර තිබූ බව වාර්තා වෙයි.

අනතුර සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ඊජිප්තු ජනාධිපතිවරයා නියෝග කර ඇති අතර විපතට පත්වූවන්ට වන්දි ලබාදෙන ලෙසට නියෝග කර තිබේ.

2013 වසරට පසුව ඊජිප්තුවේ සිදුවූ දරුණුතම දුම්රිය අනතුර මෙය බව පැවසේ.