රථවාහන දඩය ඉහළ නැංවීම අසාධාරණයි!

රථවාහන දඩය ඉහළ නැංවීම අසාධාරණයි!

August 12, 2017   10:23 am




රථවාහන දඩය ඉහළ නැංවීම ඇතැම් පාර්ශවයන්ට අසාධාරණ ලෙස බලපානු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පවසන්නේ ත්‍රිරෝද රථ හිමිකරුවන් වැනි අයට මෙවැනි දඩයක් පැනවීම සාධාරණ නොවන බවයි.

ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

අධිකරණය හරහා දේශපාලන උවමනාවන් ඉටු කර ගැනීමට යෑම  හේතුවෙන් ජනතාවට අධිකරණය සම්බන්ධයෙන් පවතින විශ්වාසය බිදවැටී ඇති බව  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.