කාසියේ වාසිය ඉන්දියාවටයි

කාසියේ වාසිය ඉන්දියාවටයි

August 12, 2017   09:51 am




සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

තරඟය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

මේ වන විටත් ඉන්දීය කණ්ඩායම දෙකට බිංදුවක් ලෙස තරඟාවලිය ජයග්‍රහණය කර තිබේ.

මෙම තරඟයේදී දෙපිලේම වෙනස්කම් කිහිපයක් සිදු කර ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ රංගන හේරත් මෙම තරඟයෙන් විවේකගන්වා තිබේ.

 ඉන්දීය කණ්ඩායමේ රවින්ද්‍ර ජඩේජා මෙම තරඟයට සහභාගී වන්නේ නැත.