රවීගේ ඉවත්වීම  යහපත්!

රවීගේ ඉවත්වීම යහපත්!

August 11, 2017   12:38 pm


රවී කරුණානායක මහතාගේ ඉවත්වීම සියලු පාර්ශවලට යහපත් තත්ත්වයක් බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය වරයා මේ බව කියා සිටියේය.

මේ අතර අද පැවැති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ රවී කරුණානායක මහතා ඉල්ලා අස්වුව ද කඩිනමින් ඔහුට එරෙහි නීති ක්‍රියාමාර්ග ගත යුතු බවයි.