රයන් ඇතුළු 5ක් අත්අඩංගුවට ගන්න වරෙන්තු

රයන් ඇතුළු 5ක් අත්අඩංගුවට ගන්න වරෙන්තු

August 10, 2017   02:18 pm

අධිකරණයේ පෙනී නොසිටි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අදාළ නියෝගය නිකුත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

මහජන පීඩා ඇතිවන ආකාරයෙන් උද්ඝෝෂණයක නිරතවූ බවට එල්ල වූ චෝදනාවකට අදාළව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මිට පෙර නඩු දිනයක දී වරෙන්තු නිකුත් කර තිබුණි.

කෙසේවෙතත් අද(10) නඩුව කැඳවූ අවස්ථාවේ ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු නොකිරීම පිළිබඳ  කොල්ලුපිටිය පොලිසියෙන් කරුණු විමසූ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් අත්ඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස යළිත් පොලිසියට නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.