තවත් ඡාවාරමක් හසුවෙයි

තවත් ඡාවාරමක් හසුවෙයි

August 8, 2017   02:09 pm


ජංගම දුරකථන හරහා මුදල් හුවමාරු කිරීමේ  ක්‍රමවේදය භාවිත කරමින් බදුල්ල නගරය ආශ්‍රිතව සිදුකෙරන හෙරොයින් ජාවාරමක සුලමුල  උකුස්සා රට හමුමේ අණාවරණය කරනු ලැබීය.

මේ පිළිබඳව උකුස්සා සිදුකළ වැඩිදුර සොයාබැලිමකදි මෙවැනිම ආකාරයකට සිදුකරෙගන ගිය ගංජා ජාවාරම්කරුවෙකු පිළිබඳවද රහසිගත තොරතුරු උකුස්සාට ආණාවරණය විය.

බදුල්ල දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සහ උකුස්සා එක්ව උපායදුතෙයකු මාර්ගයෙන් ආදාළ ජාවාරම්කරු අත්අඩංගුවට ගනු ලැබුවේ මෙම ජාවාරමේ සුලමුල සොයා ගැනිමේ අරමුණින්ය.

සැකකරු පරික්ෂා කිරිමේදි ඔහු සතුව තිබි ගංජා තොගයක් සොයාගනු ලැබීය.

පසුව ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව බදුල්ල ප්‍රදේශයේ නිවසක සඟවා තිබු තවත් ගංජා තොගයක් පොලිස්  බාරයට ගත්තේය.

තවදුරටත් ජාවාරම්කරු ආනාවරණය කළ තොරතුරුවලට අනුව තවත් ගංජා තොගයක් සොයා ගැනුණේ නිවස ආසන්නයේ ගසක් උඩ සඟවා තිබියදීයි.

තරුණ ජිවිතවලට වින කරන මෙවන් මත්ද්‍රව්‍ය ජාවාරම් සොයා උකුස්සා තවදුරටත් අවදියෙන් සිටිනු ඇත.