මහා පරිමාණ කුඩු ඡාවාරමක් හසුවෙයි

මහා පරිමාණ කුඩු ඡාවාරමක් හසුවෙයි

August 8, 2017   01:50 pm

කලක සිට බදුල්ල නගරය කේන්ද්‍ර කරගනිමින් සිදුවන මහා පරිමාණ මත් කුඩු ජාවාරම සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ විය.

මේ කලක පටන් ජංගම දුරකථන හරහා මුදල් හුවමාරු කිරීමේ  ක්‍රමවේදය භාවිත කර බදුල්ල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් හෙරෝයින් ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු සිදු කළ හෙළි දරව්වක් මේ අනුව උකුසු ඇසය හසු වුයේය.

ඔහුගෙන් ලබාගත් තොරතුරුවලට අනුව උකුස්සා බදුල්ල දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සමඟ එක්ව සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලැබුවේ මෙම ජාවාරමේ සුලමුල සොයාගැනීමෙ සඳහායි.

එහි පළමු පියවර ලෙස දුරකථන මාර්ගයෙන් ජාවාරම්කාර කාන්තාවක් දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගනු ලැබීය.

ඇය සඳහන් කළ ආකාරයට හෙරෝයින් තොගයක් සොයාගනු ලැබුවේය.

අනතුරුව තවත් ජාවාරම්කරුවෙකු දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගනු ලැබීය.

ඒ අනුව ජාවාරම්කරු පැවසූ ස්ථානය වෙත ගොස් රැකවලලා ගෙන සිටි පොලිස් නිලධාරීන් ක්ෂණයෙන් ක්‍රියාත්මක වී ජාවාරම්කරු අත්අඩංගුවට ගනු ලබයි.

පසුව ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව බදුල්ල ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනු ලැබීය.

ජංගම දුරකතන මුදල් හුවමාරු ක්‍රවේද භාවිත කරමින් බදුල්ල ප්‍රදේශය කේන්ද්‍ර ගනිමින් සිදුකෙරෙන තවත් මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳව තොරතුරු රට හමුවේ අනාවරණ කිරීමට උකුස්සා සීරුවෙන් සිටියි.