තවත් වැලි ජාවාරම්කරුවන් පිරිසකගේ තතු හෙළිවෙයි
August 4, 2017 11:10 am
පරිසර විනාශයන් පිළිබඳව අද දෙරණ උකුස්සා අවස්ථා රැසකදී රටට අනාවරණ කළේ එහි අහිතකර බලපෑම නූපන් දරුදැරියන්ටද දිනක එල්ල වන බැවිනි.
අද උකුස්සාගේ අනාවරණය තවත් එවැනිම පරිසර විනශයක් පිළිබඳවයි.
පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්ක දෙකට සිමා වු මී ඔය වැලි ජාවාරම් කරුවන්ගේ ග්‍රහණයට නතුවී පරිසර පද්ධතියම වැනසී යමින් තිබෙන බවට අද දෙරණ උකුස්සාට තොතරතුරු අනාවරණ විය.
ඒ අනුව එහි ගිය උකුස්සාට දැකගත හැකි වුණේ වැලි ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට නතු වූ මී ඔයේ ඉවුරු ඉවක් බවක් නොමැති වැලි කැණීමෙන් දැඩි ලෙස ඛාදනයට ලක්ව ඇති ආකාරයයි.
එමෙන්ම වැලි ජාවාරම්කරුවන් පිරිසක් උකුස්සා එහි යන විටත් වැලි ගොඩදමමින් සිටියේය.
වැඩිදුරටත් සිදුකළ සොයා බැලීමේදී උකුස්සාට දැකගත හැකි වුනේ නීති විරෝධි වැලි ජාවාරම්කරුවන් කුඹුක් ගස්වලට හානිවන අයුරින් වැලි ගොඩ දැමිම නිසා එම දැවැන්ත කුඹුක් ගස්ද විනාශ මුඛයට යමින් පවතින ආකාරයයි.
උකුස්සා තවදුරටත් සිදු කළ සොයා බැලීමකදී දැකගත හැකි වුණේ ට්‍රැක්ටර් මාර්ගයෙන් ගොඩ දමන වැලි රැගෙන ආකාරයයි.
පරිසරය ආරක්ෂා කිරීමට රජය කොතෙක් පියවර ගත්තද එම බලධාරීන්ගේ ඇස්වලටද වැලි ගසමින් ජාවාරම්කරුවන් සිදුකරන මෙවැනි විනාශයන් ක්‍රියාත්මක වන්නේ කාගේ අනුබලයක් ඇතිවද ?
නිද්‍රාශීලි බලධාරීන්ගේ අවධානය මේ දෙස යොමුවන තෙක් උකුස්සා සීරුවෙන්.