මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි-3ක් අත්අඩංගුවට
July 27, 2017 05:07 pm
මාරවිල මූදුකටුව ප්රදේශයේ දී මහා පරිමාණ මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මාරවිල පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
එහිදි ඔවුන් සතුව තිබී මත්පැන් ගෝඩා බැරල් 34ක් සහ මත්පැන් පෙරීමට යොදාගත් උපකරණ ද පොලීසිය භාරයට ගෙන තිබේ.
සැකකරුවන් මහවැව සහ කටුනේරිය යන ප්රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් හෙට(28) මාරවිල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.