නීතිය අතට ගන්න කිසිවෙකුට අයිතියක් නෑ
July 27, 2017 04:26 pm
වෘත්තිය සමිති ක්‍රියාකාරීන්ට පොලීසිය විසින් එල්ල කරන ලද ප්‍රහාර තරයේ හෙළා දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී.රත්නායක මහතා පවසයි.
අද(27) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
ඊයේ දිනයේ දී ඛනිජ තෙල් වෘත්තීය සමිති ක්‍රියාකාරීන් වෙත ඉතා නින්දිත ලෙස පොලීසිය ප්‍රහාර එල්ල කළ බවත් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි තමන් ප්‍රශ්න කරන බවත්, මන්ත්‍රිවරයා පැවසීය.
වෘත්තීය සමිතිවලින් ගන්නා ලද ඒකාබද්ධ තීරණය හුදෙක් පෞද්ගලික තීරණයක් නොවන බවත් එය රට ගැන සිතා ගන්නා ලද තීරණයක් වන බවත් පැවසු සි.බී.රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේ පොලීසිය බලා සිටින විට මෙවැනි ක්‍රියාවක් සිදුවීම තුළින් පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය හෙළි වන බවයි.
කෙසේ වෙතත් කිසිවෙකුටත් නීතිය අතට ගැනිමට අයිතියක් නොමැති බවත් වෘත්තීය ක්‍රියාමාර්ග නවතාලීම රජයේ අවශ්‍යතාවය වන බවද මෙහිදී අවධාරණය කර සිටියේය.