රවිරාජ් ඝාතනය-නාවික හමුදා නිලධාරියාට සිතාසී

රවිරාජ් ඝාතනය-නාවික හමුදා නිලධාරියාට සිතාසී

July 27, 2017   03:02 pm

නඩරාජා රවිරාජ් ඝාතන නඩුව යළි විභාගයට ගැනීමට නියෝගයක් පනවන මෙන් ඉල්ලා ඔහුගේ බිරිඳ විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවකු වන ප්‍රසාද් හෙට්ටිආරච්චි නම් නාවික හමුදා නිලධාරියා අත්අඩංගුවට ගන්නා ලෙස අභියාචනාධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

අදාළ පෙත්සම අද(27) කැදවු අවස්ථාවේ පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති විත්තිකරුවන් පස් දෙනෙකුට මේ වන විට සිතාසි යවා තිබේ.

එහෙත් ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැති විත්තිකරු අධිකරණය හමුවේ පෙනි නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත.

එම ඉල්ලීම සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ වගඋත්තරකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කර තිබේ.