වෘත්තිය සමිතිවලට ඕන විදියට රට කරන්න බෑ
July 27, 2017 01:59 pm
රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ක්‍රියා කරන බවත්, අද වන විට ඔවුන් දේශපාලන අතකොළුවක් වී ඇති බවත්, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.
අද(27) සිරිකොත මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි පිළිපඳ ප්‍රධාන වශයෙන් විරෝධතාවය දැක්වු මෙම වෘත්තිය සමිති අද වන විට රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණීන් හිතා මතා හම්බන්තොට වරායේ ඇති තෙල් ටැංකි පිළිබඳ කථා කරන බවත් පැවසු නලීන් බණ්ඩාර මහතා වැඩි දුරටත් කියා සිටියේ හම්බන්තොට තිබෙන තෙල් ටැංකි වරාය අධිකාරියට අයත් බවයි.
එනිසා ඔවුන්ට ඒ පිළිබඳ කතා කිරීමට හෝ අයිතියක් නොමැති බව පැවසු මන්ත්‍රීවරයා මෙහිදී තව දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ තෙල් ටැංකි තියෙනවාද නැද්ද කියල හෝ නොදන්න පිරිසක් මෙවැනි දේ කිරීමට පෙළඹෙන බවත් කිසි විටෙකත් වෘත්තිය සමිතිවල අවශ්‍යතාවය මත රටේ අවශ්‍යතා ඉටු නොකරන බවත්ය.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ දී විරුද්ධ නොවී අද මෙලෙස හැසීරීම තුළින්ම වෘත්තීය සමිතිවල අවශ්‍යතාවය වැටහෙන බවද නලීන් බණ්ඩාර මහතා මෙහිදී කියා සිටියේය.