හැටන්වල අධිකරණ කටයුතුවලට බාධා

හැටන්වල අධිකරණ කටයුතුවලට බාධා

July 27, 2017   12:47 pm


හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරුන් අද(27) දිනයේ අධිකරණ කටයුතුවලින් ඉවත්ව විරෝධතාවක නිරත වී තිබේ.

යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතා ගමන් කරමින් සිටි අවස්ථාවේ එල්ලවූ වෙඩි තැබීම සහ ඉන් ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙකු මියයාමේ සිද්ධියට විරෝධය පළ කරමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

මේ හේතුවෙන් අද දිනයේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ කටයුතුවලට ද බාධා එල්ල වී තිබූ බවද විරෝධතාවට එක්වූ නීතීඥවරුන් පවසා සිටියේය.