අද ඉන්ධන බෙදාහැරියේ මෙහෙමයි!

අද ඉන්ධන බෙදාහැරියේ මෙහෙමයි!

July 27, 2017   12:12 pm


අද (27) පෙ.ව 6.00 සිට මධ්‍යාහ්න 12.00 දක්වා වන කාලය තුළ කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයෙන් ඉන්ධන බවුසර් 176ක් ඉන්ධනහල් වෙත පිටත් කර යවා තිබේ.

ඒවායේ පෙට්‍රල් මෙ.ටොන් 830ක් හා ඩීසල් මෙ.ටොන් 1285ක් අන්තර්ගත බව ශ්‍රී ලංකා තෙල් ගබඩා සංකීර්ණයේ කළමනාකරණ අධ්‍යක්ෂ සංජීව විජේරත්න මහතා පවසයි.

මීට අමතරව මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයෙන් ඉන්ධන බවුසර් 75ක් පිටත් කර යවා ඇති බවත්, එවායේ පෙට්‍රල් මෙ.ටොන් 380ක් හා ඩීසල් මෙ.ටොන් 788ක් පවත්නා බව විජේරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.