ජනාධිපති නීතීඥවරුන්-ජනපති අතර හමුවක්
July 27, 2017 10:57 am
පසුගියදා පත් කෙරුණු ජනාධිපති නීතීඥවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් ජනාධිපති මන්දිරයේ දී සිදුව තිබේ.
ජනාධිපති නීතීඥවරුන් ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව සාම්ප්‍රදානුකූලව මෙම හමුව පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මෙම අවස්ථාව සඳහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ද සහභාගී වී තිබේ.
නීති ක්ෂේත්රයේ දැනුම සහ අත්දැකීම්වලින් රටට වඩා ඉහළ සේවාවක් ලබාගැනීම අවශ්‍ය බව එහිදී සඳහන් කර ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය වෘත්තීමය කටයුතු ස්වාධීනව සිදුකරගෙන යාම වෙනුවෙන් ආශිර්වාදය පළ කරන බව ප්‍රකාශ කර ඇත.