පළායාමට උත්සාහ කළ රැඳවියා වෙඩි කයි

පළායාමට උත්සාහ කළ රැඳවියා වෙඩි කයි

July 27, 2017   10:55 am



අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේ දී පළායාමට උත්සාහ කළ සැකකරුවෙකු බන්ධනාගාර නිලධාරීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා තිබේ.

අදාළ සැකකරු අද (27) දිනයේ අධිකරණයේ විභාග වන නඩු කටයුත්තක් සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙනවිත් ඇති බව සඳහන්ය.

එහිදී සැකකරු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී  පළා යාමට උත්සාහ දරා ඇති අතර බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක  තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.

තුවාල ලැබු සැකකරු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.