මංගල උත්සවය මරණ 3න් කෙළවර වෙයි

මංගල උත්සවය මරණ 3න් කෙළවර වෙයි

July 27, 2017   07:27 am



ගිරුඋල්ල - අතුරුවෙල ප්‍රදේශයේදී ළිඳකට වැටීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. 

ඊයේ (26) රාත්‍රී 11 ට පමණ අතුරුවෙල ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති විවාහ මංගල උත්සවයක් අතර ඊට පැමිණි පුද්ගලයකු උත්සව ශාලා භුමියේ ලෑලිවලින් වසා තිබු ළිඳකට වැටී ඇතැයි සඳහන්ය. 

ඔහු බේරා ගැනීමට තවත් දෙදෙනෙකු කඹයක් සහ ඉනිමගක් ආධාරයෙන් ළිඳට බැස ඇති අතර ඔවුන් දෙදෙනා ද ලිඳට වැටී ඇති බව පොලීසිය කියාසිටියේය.

පසුව උත්සවයට පැමිණි පිරිස දියේ ගිලුනු පුද්ගලයන් 3 දෙනා ගොඩගෙන දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමේදී මරණයට පත්ව තිබේ. 

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 38 / 39 සහ 41 වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙකි. 

ඔවුන් අතුරුවල සහ මාරවිට ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

මෘත ශරීර දඹදෙණිය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ අද පැවැත්වීමට නියමිතය. 

ගිරිඋල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.