කොළොන්නාවේ අත්අඩංගුවට පත් පිරිසට ඇප

කොළොන්නාවේ අත්අඩංගුවට පත් පිරිසට ඇප

July 26, 2017   10:12 pm


අද දහවල් කලහාකාරි ලෙස හැසිරිමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් වෘත්තිය සමිති නායකයින් ඇතුලු සේවකයින් 16 දෙනා ඇප මත මුදාහැර තිබේ.

වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අදාල පිරිස ප්‍රකාශ සටහන් කර ගැනිමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදාහල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

කෙසේවෙතත් අදාල සේවකයින් අත්අඩංගුවට ගැනිම තරයේ හෙලා දකින බව ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව පෙන්වා දෙයි.

එහි කැඳවුම්කරු ඩී.කේ. රාජකරුණා මහතා පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් හෙට(27) දිනයේ විරෝධය පළ කිරිමට කටයුතු කරන බවයි.