අසේල ගුණරත්න ඉන්දීය තරගයෙන් ඉවතට

අසේල ගුණරත්න ඉන්දීය තරගයෙන් ඉවතට

July 26, 2017   09:26 pm

ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගය අතරතුරදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක අසේල ගුණරත්න මහතාට සති හතරක කාලයක් සඳහා විවේක ගැනීමට නිර්දේශ කර ඇති බව එම කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ මහතා පැවසයි.

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාංගණයේදී අද අසේල ගුණරත්න මහතා සිය වම් මාපට ඇගිල්ල අනතුරට ලක්ව තිබේ.

අනතුරින් පසු වැඩිදුර ප‍්‍රතිකාර සදහා ඔහු කොළඹට රැගෙන විත් ඇති බව වාර්තා වෙයි.