ඉන්ධන බෙදා හැරීමේ කටයුතු තවදුරටත්

ඉන්ධන බෙදා හැරීමේ කටයුතු තවදුරටත්

July 26, 2017   06:04 pm



වර්ජනය හේතුවෙන් ඇණ හිට තිබු ඉන්ධන ප්‍රවාහන කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බව කොළොන්නාව ඛනිජ තෙල් නිමාව පවසයි.

කෙසේවෙතත් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් මෙලෙස ඉන්ධන ප්‍රවාහන කටයුතු සිදුකෙරෙන බව වෘත්තීය සමිති සඳහන් කළේය.

 ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පසුගිය 25  වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් වෘත්තීය සමිති කිහිපයක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය.

මේ හේතුවෙන් ඉන්ධන ප්‍රවාහන කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වු අතර ජනතාවට ද දැඩි දුෂ්කරතාවයන්ට පත්වීමට සිදුවුණි.