ඉන්දීය නව ජනපතිට සුබ පැතුම්!
July 26, 2017 04:25 pm
නව ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතාගේ ධූර කාලය තුළ ඉන්දු ලංකා සබඳතා ශක්තිමත් ප්රවේශයක් ඔස්සේ ඉදිරියට ගමන් කරනු ඇති බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
නව ඉන්දීය ජනාධිපතිවරයා සමඟ ඉන්දු ලංකා සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පවසයි.
ඉන්දීය නව ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා වෙත නිකුත් කළ නිල සුබ පැතුම් පණිවිඩයෙන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මේ බව ප්රකාශ කර තිබේ.
ඉන්දීය නව ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතාගේ දැක්ම, දැනුම හා අත්දැකීම් ඉන්දියාවේ සියලු ජන කොටස් අතර සහජීවනය, ප්රගතිය මෙන්ම සංවර්ධනය උදෙසා උපයෝගී කර ගත හැකි බවද ජනාධිපතිවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වෙයි.