සාකච්ඡා පවත්වන තුරු අත්‍යවශ්‍ය සේවා ඉටු කරන්න එකඟයි!

සාකච්ඡා පවත්වන තුරු අත්‍යවශ්‍ය සේවා ඉටු කරන්න එකඟයි!

July 26, 2017   02:15 pm


 
බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන තුරු අත්‍යවශ්‍ය සේවා සඳහා තෙල් බෙදා හැරීමට ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයන් එකඟතාව පළ කර තිබේ.

අද(26) පස්වරු 6.30ට බලධාරීන් සමඟ මෙම සාකච්ඡාව පැවැත්වෙන බව වාර්තා වෙයි.

ඒ අනුව මීට ටික වේලාවකට පෙර ඉන්ධන රැගත් බවුසර් 15ක් කොළොන්නාව තෙල් අංගනයෙන් පිටව ගිය බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

මේ අතර ඉන්ධන සේවක විරෝධතාව හේතුවෙන් කොළොන්නාව - දෙමටගොඩ මාර්ගය තෙල් ගබඩා සංකීර්ණය අසලින් අවහිර වී තිබුණි.

මේ වන විට පිරිස විසුරුවාහැර මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට ද පොලීසිය පියවර ගෙන තිබේ.