ඉරාන යාත්‍රාවකට ප්‍රහාරයක්
සයුරෙන් එතෙර

ඉරාන යාත්‍රාවකට ප්‍රහාරයක්

July 26, 2017   09:04 am

අමෙරිකානු නාවික හමුදාවට අයත් නෞකාවක් විසින් ඉරාන යාත්‍රාවකට ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ගල්ෆ් මුහුදු තීරයේදී මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තම නෞකාව දෙසට, අණ තොතකා ඉරාන යාත්‍රාව ගමන් ගැනීම හේතුවෙන් මෙම ප්‍රහාය එල්ල කළ බව ඇමරිකාව පවසයි.

තම නෞකාව විසින් ඉරාන යාත්‍රාවට අනතුරු ඇඟවීම් නිකුත් කළද එම අනතුරු ඇඟවීම් නොතකා මීටර් 137ක් පමණ ආසන්න වන තෙක් ඉරාන යාත්‍රාව පැමිණි බව ඇමරිකාව පවසයි.

මෙම ඉරාන යාත්‍රාව ඉරාන නායක අයතුල්ලා අල් කමීනිගේ සෘජු අණ යටතේ ක්‍රියාත්මක වන ඉරාන ආරක්ෂක අංශයට අයත් යාත්‍රාවක් මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.