බැඳුම්කර කොමිසමේ කාලය මාස 3 කින් දිගුවෙයි
July 25, 2017 10:58 am
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ කාලය මාස 03 කින් දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
මේ අනුව මෙම කොමිසමේ වාර්තාව බාර දිය යුතු දිනය 2017 ජූලි 27 දින සිට 2017 ඔක්තෝබර් 27 දින දක්වා දීරඝ කර ඇති අතර මේ පිළිබඳ ගැසට් නිවේදනය අද(25) දිනයේ දී නිකුත් කිරීමට නියමිත බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානී කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කළේය.
ඒ අනුව මේ මස 27 වනදායින් අවසන්වීමට නියමිතව තිබූ කොමිසමේ කාලය තවත් මාස තුනකින් දීර්ඝ කර තිබේ.
බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමර්ශන හා පරීක්ෂණ සිදු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකුගෙන් සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපතිවරයෙකුගෙන් සමන්විත ත්‍රි පුද්ගල කමිටුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය ජනවාරි මස 27 වනදා පත් කරනු ලැබීය.
මාස තුනක් ඇතුළත විමර්ශන සිදුකර වාර්තාවක් ලබා දීමට අදාළ කොමිසම වෙත දැනුම් දී තිබූ අතර කෙසේ වෙතත් පසුගිය අප්‍රේල් මාසයේ කොමිසමේ කාලය තවත් මාස තුනකින් දීර්ඝ කිරීමට පියවර ගනු ලැබීය.