Back to Top

නල්ලූර් වෙඩි තැබීම - මිය ගිය පොලිස් නිලධාරියාට උසස් වීමක්

නල්ලූර් වෙඩි තැබීම - මිය ගිය පොලිස් නිලධාරියාට උසස් වීමක්

July 25, 2017  09:49 am

Bookmark and Share
යාපනය නල්ලූර් ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය පොලිස් සැරයන් සරත් ප්‍රේමචන්ද්‍ර මහතා උප පොලිස් පරීක්ෂක තනතුර සඳහා උසස් කර තිබේ.

පොලිස්පතිවරයා විසින් ඔහු උප පොලිස් පරීක්ෂක තනතුර සඳහා උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේනියන් මහතාට ආරක්ෂාව සපයමින් ගමන් කරමින් සිටියදී සරත් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි ප්‍රහාරයකට ලක්ව පසුගිය දා ජීවිතක්ෂයට පත් විය.