ඛනිජ තෙල් වර්ජනයෙන් ජන ජීවිතයට බාධා
July 25, 2017 09:42 am
වර්ජනය හේතුවෙන් මේ වන විටත් දිවයින පුරා තෙල් බෙදාහැරීමේ කටයුතු ඇණහිට ඇති බව ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා සඳහන් කරයි.
ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති ඊයේ(24) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජන ආරම්භ කෙරිණි.
චීන වරායේ තෙල් ටැංකි ඉන්දියාවට පැවරීම හා හම්බන්තොට තෙල් ටැංකි චීනයට පැවරීමට විරෝධය පල කිරීම ඇතුළු ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළේය.
මේ අතර ඛනිජ තෙල් වෘත්තීය සමිති වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව පැවසීමත් සමඟ දිවයින පුරා ඉන්ධනහල්වල දිගු පෝලීම් දක්නට ලැබිණි.
අද දෙරණ වාර්තාකරුවන් සඳහන් කළේ ඇතැම් ඉන්ධනහල්වල ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ද නතර කර තිබු බවයි.
කෙසේ වෙතත් මේ තත්ත්වය හේතුවෙන් ජනතාව මහත් අපහසුතාවයට පත්ව තිබේ.
මෙම වැඩ වර්ජනය සම්බන්ධයෙන් අද දෙරණ ඛනිජ තෙල් අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ වැඩ වර්ජනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර කඩිනම් විසදුම් ලබාදීමට බලාපොරොත්තු වන බවයි.