වෛද්‍ය වර්ජනය අද උදෑසන සිට
July 25, 2017 09:29 am
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(25) පෙරවරු 8 සිට සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.
සිය ඉල්ලීම්වලට බලධාරීන් යහපත් ප්‍රතිචාර නොදැක්වීමට විරෝධය පල කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
ඩෙංගු රෝගීන්ට සිදුකරන ප්‍රතිකාර සහ හදිසි ප්‍රතිකාර කටයුතු ද අඛණ්ඩව පවත්වාගෙන යන බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
මේ අතර සයිටම් ආයතනයට විරෝධය පල කරමින් අද දිනයේ විරෝධතා රැලියක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.