නල්ලූර් වෙඩි තැබීම - ප්‍රධාන සැකකරු බාරවෙයි
July 25, 2017 09:21 am
යාපනය, නල්ලූර් ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි ප්‍රධාන සැකකරු අද(25) උදෑසන 7ට පමණ යාපනය පොලීසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට පත්ව ඇතැයි අද දෙරණ වාර්තාකරු පවසයි.
මෙලෙස බාර වී ඇති ප්‍රධාන සැකකරු වයස අවුරුදු 39 ක් වු සෙල්වරාසා ජයන්තන් නැමති අයෙක් බව අනාවරණය වී තිබේ.
පසුගිය ජූලි මස 22 වන දා යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා ඉලක්ක කර ගනිමින් නල්ලුර් ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුවු අතර එයින් මහාධිකරණ විනිසුරුවරයා ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීම සිදුව ඇති බව අනාවරණය විය.
කෙසේ වෙතත් අදාළ වෙඩි තැබීමෙන් විනිසුරුවරයාට කිසිඳු හානියක් සිදුව නොමැති අතර එක් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත් විය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු පසුගිය 23 වන දා පොලීසිය විසින් අත්අඩංගුවට ගැණිනි.
සැකකරුගෙන් දීර්ඝ වශයෙන්
ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන අතර ඔහු අද(25) යාපනය මහේස්ත්රාඝත් අධිකරණයට
ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන්
ගුණසේකර මහතා සඳහන් කළේ සෙල්වරාසා ජයන්දන් නැමැති මෙම සැකකරු 39 හැවිරිදි
අයෙකු වන අතර ඔහු පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බව වාර්තා
වෙයි.
සැකකරු වසර 07 ක කාලයක් එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධව ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති බව සඳහන්ය.
2012
වසරේ යාපනය, තෙලිප්පලේ ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන්ද
සැකකරුට චෝදනා එල්ල වී පවතින අතර සිද්ධියට අදාලව ඔහු ඇප මත නිදහස්ව සිට ඇති
බව වාර්තා වෙයි.