බහුදින ධීවර යාත්‍රාවලට චන්ද්‍රිකා තාක්ෂණයේ සහය

බහුදින ධීවර යාත්‍රාවලට චන්ද්‍රිකා තාක්ෂණයේ සහය

July 25, 2017   09:09 am

බහුදින ධීවර යාත්‍රාවල සන්නිවේදන උපකරණ සඳහා චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගැනීමට ධීවර අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ සඳහා ජපානය හෝ සිංගප්පූරුව සමඟ ගිවිසුම් ගත වීමට ද සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

මේ වන විට බහුධින ධීවර කටයුතු සඳහා භාවිත කරන සන්නිවේදන උපකරණ වෙනුවට නවීන තාක්ෂණයෙන් යුත් උපකරණ හදුන්වාදීමට ධීවර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ සඳහා චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගැනිමට සැලසුම් කර ඇති අතර ඊට අදාළ තාක්ෂණික සහය ජපානයෙන් හෝ සිංගප්පුරුවෙන් ලබාගැනීමට නියමිත බව වාර්තා වෙයි.

ජපාන තානාපතිවරයා සහ සිංගප්පූරු තානාපතිවරයා සමඟ ඉදිරි දින කිහිපය තුළ මේ පිළිබඳ සාකච්ඡා කිරිමට සැලසුම් කර තිබේ.

එම සාකච්ඡාවලින් අනතුරුව අදාළ තාක්ෂණික සහය ලබාගැනීමට අදාළ ගිවිසුම් අත්සන් කිරිමට බලාපොරොත්තු වන බව ධීවර අමාත්‍යාංශය සඳහන් කළේය.