සම්බන්ධන්ගෙන් ජනපතිට ලිපියක්

සම්බන්ධන්ගෙන් ජනපතිට ලිපියක්

July 25, 2017   08:56 am

උතුරු හා නැගෙනහිර පළාත් දෙකෙහි අතුරුදන්වූවන් පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

අදාළ ගැටලුව උග්‍ර අතට පත්ව ඇති බැවින් ඒ පිළිබඳව කඩිනම් විසදුම් ලබාදීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් විපක්ෂ නායකවරයා අදාළ ලිපිය යොමුකර ඇති බව වාර්තා වෙයි.

උතුරු හා නැගෙනහිර පළාත්වල අතුරුදන්වූවන්ගේ පවුල්වල ගැටලු පිළිබඳ අදාළ ලිපිය මඟින් විපක්ෂ නායකවරයා ජනාධිපතිවරයා දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම ගැටලුවට විසදුමක් ලබාදීම සඳහා රජයට වගකීමක් පවතින බව ද  ඒ සඳහා රජය මේ වන විටත් එකඟතාව පල කර ඇති බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

එම නිසා කඩිනමින් අතුරුදන්වූවන් පිළිබඳ ගැටලුව විසදීම සඳහා වැඩසටහනක් සකස් කරන ලෙසයි විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි.